Sinhala Medium Online MCQs O/L - Buddhism (Sinhala Medium) MCQ Series 01 1 / 10 1) වණ වූ සිරුරෙන් යුක්තව අසාධ්‍ය රෝගයකින් අසරණව සිටිය දී බුදුහිමියන්ගේ මහා කරුණාවට ලක්ව දෙලොව සැනසීම ලද භික්ෂුව වනුයේ a) වක්කලී තෙරුන්ය b) බක්කුල තෙරුන්ය c) පූතිගත්තතිස්ස තෙරුන්ය d) ගිරිමානන්ද තෙරුන්ය 2 / 10 2) සුනීත, සෝපාක වැනි අයට පිහිට වීමෙන් ප්‍රකට වන්නේ බුදුරජාණන් වහන්සේ තුළ පැවති, a) ගිලානෝපස්ථාන ගුණය b) අකම්ප්‍ය ගුණය c) සහනශීලී ගුණය d) අසරණ සරණ ගුණය 3 / 10 3) බුදුරජාණන් වහන්සේ තම පළමු ධර්ම දේශනය පැවැත් වූ ස්ථානය හා උන්වහන්සේගේ පරිනිර්වාණය සිදු වූ ස්ථානය දැක්වෙන විරණය කුමක් ද? a) ලුම්බිණි සල් උයන හා උපවත්තන සල් උයන b) ලුම්බිණි සල් උයන හා ඉසිපතන මිගදාය c) ඉසිපතන මිගදාය හා සප්තපර්ණි ගුහාව d) ඉසිපතන මිගදාය හා උපවත්තන සල් උයන 4 / 10 4) සිදුහත් බෝසතුන්ගේ අනුපමෙය රූපශ්රිය හා ශාන්ත බව දැක "මෙවන් පුතකු ලද මවක් පියෙක් නිවුනෝ වෙතියි" ප්‍රකාශ කරනු ලැබුවේ. a) පුජාතා සිටු දියණිය විසිනි. b) කිසා ගෝතමිය විසිනි. c) ප්‍රජාපති ගෝතපීය විසිනි. d) මාගන්ධිය බිසව විසිනි. 5 / 10 5) රෝගියකු හට වෛද්‍යවරයකුගේ සේවය (වෙදකම) තරමටම, උපස්ථායකගේ සේවය (හෙදකම) වැදගත් වන බව බුදුරජාණන් වහන්සේ ආදර්ශයෙන් පෙන්වා දුන් අවස්ථාවකට නිදසුනක් වන්නේ, a) සුනීත කථා පුවතයි. b) සෝපාක කතා පුවතයි. c) මට්ටකුණ්ඩලී කථා පුවතයි. d) පූතිගත්තතිස්ස කතා පුවතයි. 6 / 10 6) වැලිවිට අසරණ සරණ සිරි සරණංකර සංඝරාජ මාහිමිපාණන් වහන්සේ විසින් රචිත ග්රන්ථ ගණයට ඇතුළත් නොවන්නේ, a) මුනිගුණාලංකාරයයි b) සාරාර්ථ සංග්‍රහයයි c) සතර බණවර සන්නයයි d) බුදුගුණාලංකාරයයි 7 / 10 7) "ස්වාමිනී මම බොහෝ දේ පාඩම් කර ඇත්තෙමි. එහෙත් දැන් ඒවා මතකයට නංවා ගත නොහැකි ය. එයට හේතුව කුමක්දැයි " බුදුරජාණන් වහන්සේ වෙත පැමිණි බමුණෙක් විමසූ කල්හි උන්වසන්සේ දේශනා කළේ. a) පංච නීවරණ ධරම සිත තුළ ක්‍රියාත්මක වීම නිසා මතකයට නොඑන බවයි. b) අකුසල මූල තුන සිත තුළ ක්‍රියාත්මක වීම නිසා මතකයට නොඑන බවයි. c) අකුසල මූල තුන සිත තුළ ක්‍රියාත්මක වීම නිසා මතකයට නොඑන බවයි. d) පස් පව්වල නිරතවීම නිසා මතකයට නොඑන බවයි 8 / 10 8) සමථ භාවනාවේ දී කෙටි කලකින් උසස් ප්‍රතිඵල ලබා ගැනීමට අනුගමනය කළ යුතු වඩාත් වැදගත් පිළිවෙත වන්නේ, a) සම සතලිස් කර්මස්ථාන ඉගෙන ගැනීමයි. b) භාවනාවේ පුරව අවශ්‍යතා ගැන මනා දැනීමක් ලබා ගැනීමයි. c) උපදේශ සහිතව චරිතයට සුදුසු කර්මස්ථානයක් වැඩීමයි. d) පුද්ගල චරිත ලක්ෂණ හඳුනාගෙන තිබීමයි. 9 / 10 9) සිදුහත් බෝසතාණන් වහන්සේ නෙක්ඛම්ම පාරමිතාව සම්පූරණ කළ ආකාරය ප්‍රකටවන ජාතක කථාව කුමක්ද? a) ලෝමහංස ජාතකය b) මහාකපි ජාතකය c) මඛාදේව ජාතකය d) තේමිය ජානෙකය 10 / 10 10) ස්වභාවික පරිසරයම දම්සභා මණ්ඩප බවට පත් කරගත් අවස්ථා රැසක් තව බුදු සිරිතෙන් ප්‍රකට වේ. ඒ අනුව උන්වහන්සේ වේදනා පරිග්‍රහ සූත්‍රය දේශනා කළේ. a) විශාලා මහනුවර වන පියසක දී ය. b) අචිරවතී නදී තීරයේ පිහිටි අඹ වනයේ දී ය. c) ගිජ්ජකූට පර්වතයේ සූකරකත ලෙනෙහි දී ය. d) චම්පා නුවර අසල ගග්ගරා පොකුණ සමීපයේ දී ය. Your score isThe average score is 48% 0% Restart quiz O/L - Science (Sinhala Medium) MCQ Series 01 1 / 15 1) පුර්ණ අභ්‍යන්තර පරාවර්තනය මගින් පැහැදිලි කළ නොහැකි සංසිද්ධිය මින් කුමක්ද? a) ප්‍රකාශ තන්තු තුළින් ආලෝකය ගමන් කිරීම b) සෘජුකෝණි ප්‍රිස්මයක් මගින් ආලෝක කිරණයක් 90°කින් හැරවීම c) කපා ඔප දැමීම මඟින් දියමන්තිවල බැබලීම ඇති වීම d) සුදු ආලෝකය වර්ණ වලට බෙදී දේදුන්න හට ගැනීම 2 / 15 2) හයිඩ්රජන් හා ඔක්සිජන් පරමාණු 2:1 අනුපාතයෙන් සංයෝජනය වී ඇති ජෛව අණු වර්ගය කුමක්ද? a) ලිපිඩ b) නියුක්ලෙයික් අම්ල c) කාබෝහයිඩ්රේට d) ප්‍රෝටීන් 3 / 15 3) මිනිසාගේ නයිට්‍රජනීය බහිස්ස්‍රාවය ප්‍රධාන වශයෙන් සිදු කරන ඉන්ද්රියය කුමක්ද? a) වෘක්ක b) පෙනහැලි c) සම d) අක්මාව 4 / 15 4) පහත සඳහන් ශාක පටක අතරින් සංකීර්ණ, ස්ථිර පටකයක් වන්නේ කුමක් ද? a) මෘදුස්තර පටක b) ස්ථුලකෝණාස්තර පටක c) ශෛලම පටක d) දෘඪස්තර පටක 5 / 15 5) ඔක්සිජන් 64g ක අඩංගු ඔක්සිජන් මවුල ප්‍රමාණය කොපමණ ද? (0 = 16) a) 1 b) 2 c) 3 d) 4 6 / 15 6) නිව්ටන්ගේ තුන්වන නියමය සමග වඩාත්ම එකඟ වනුයේ පහත සඳහන් කුමන සංසිද්ධියද ? a) ඉහළ මට්ටමක සිට පතිත වන බෝලයක් පොළොවේ ගැටි ඉහළට පොළා පැනීම. b) ගසකින් වැටෙන ගෙඩියක ප්‍රවේගය පොළොවට ආසන්න වත්ම උපරිම අගයට පත් වීම. c) ධාවනය වන බස් රථයක තිරිංග හදිසියේ යෙදීමේදී මගින් ඉදිරියට විසි වීම. d) චලනය වන පාපන්දුවකට පහරදීමෙන් එහි දිශාව වෙනස් කිරීම. 7 / 15 7) ප්‍රතිලෝම සම්බන්ධයක් ඇති යුගලය තෝරන්න. a) හරිතාගාර වායු සාන්ද්‍රණය - වායුගෝලීය උෂ්ණත්වය b) ආහාර සැතපුම - කාබන් පිය සටහන c) ආක්රමණික විශේෂ ඇති වීම - ජෛව විවිධත්වය d) වනාන්තර එළි කිරීම - කාන්තාරකරණය 8 / 15 8) යාන්ත්‍රික තරංග සම්බන්ධයෙන් දී ඇති පහත ප්‍රකාශ සලකා බලන්න.A - තරංගයේ සංඛ්‍යාතය එක් මාධ්‍යයක සිට වෙනත් මාධ්‍යයකට ඇතුළු වීමේදී වෙනස් වේ.B - තරංගයේ වේගය සංඛ්‍යාතය මත රඳා නොපවති.C -තරංගයේ වේගය එය ගමන් ගන්නා මාධ්‍යය මත රදා පවතී.එම ප්‍රකාශ අතරින් සත්‍ය වන්නේ, a) A පමණි b) B හා C පමණි c) B පමණි d) A හා C පමණි 9 / 15 9) සිනිඳු පේශි පටකයේ ලක්ෂණයක් නොවන්නේ පහත සඳහන් කුමක්ද? a) හරස් විලේඛ සහිත වීම b) සෛල තර්කුරූපී හැඩැති වීම c) අනිච්ඡානුගව ක්‍රියා කිරීම d) සෛල ඒක න්‍යෂ්ටික වීම 10 / 15 10) පුෂ්පයක සංසේවන ක්‍රියාවලියෙන් පසුව සිදු වන විපර්යාසයක් වන්නේ මින් කුමක්ද ? a) ඩිම්බ කෝෂය ඵලාවරණය බවට පත් වීම b) ඩිම්බාවරණය ඵලාවරණය බවට පත් වීම c) ඩිම්බ බීජ බවට පත් වීම d) මණි පත්‍ර බීජාවරණය බවට පත් වීම 11 / 15 11) වයිරස් ආසාදනයකට ලක් වූ පුද්ගලයෙකුගේ රුධිරයේ අඩංගු පට්ටිකා ප්‍රමාණය සාමාන්‍ය අගයට වඩා අඩු වී ඇත.එහි ප්‍රතිඵලයක් ලෙස ඔහුගේ සිරුරේ a) ප්‍රතිදේහ නිපදවීම අඩාල වේ. b) රුධිරය කැටි ගැසීම නිසි පරිදි සිදු නොවේ. c) හෝමෝන පරිවහනය සෙමින් සිදු වේ. d) ඔක්සිජන් පරිවහනය වේගවත් වේ. 12 / 15 12) කාබොයිඩ්රේට පිළිබඳ ව නිවැරදි ප්‍රකාශය තෝරන්න. a) සියලු කාබොහයිඩ්රේට ජල ද්‍රාව්‍ය වේ. b) සියලු ම කාබොහයිඩ්රේට ස්ඵටිකරූපී වේ. c) කාබොහයිඩ්රේටවල C හා H අතර අනුපාතය 1:2 වේ. d) ග්ලූකෝස් යනු කාබොහයිඩ්රේටවල තැනුම් ඒකකයයි 13 / 15 13) ශාක සෛයක ඇති අජිවී ව්‍යුහයක් වන්නේ a) ප්ලාස්ම පටලය b) සෛල බිත්තිය c) රයිබොසෝම d) ගොල්හි දේහ 14 / 15 14) අයනික සංයෝග පිළිබඳ ව සත්‍ය වනුයේ පහත කුමන ප්‍රකාශයද? a) ඝන අවස්ථාවේ දී විදුලිය සන්නයනය කරයි. b) සියල්ල ම ඉතා හොඳින් ජලයේ දිය වේ. c) තාපාංක හා ද්‍රවාංක ඉහළ අගයන් ගනී. d) විලීන අවස්ථාවේ දී විදුලිය සන්නයනය නො කරයි. 15 / 15 15) පරමාණු සම්බන්ධයෙන් දී ඇති නිවැරදි වගන්තිය තෝරන්න. a) සැම මූලද්‍රව්‍ය පරමාණුවකම න්‍යෂ්ටියේ නියුට්‍රෝන අඩංගු වේ. b) වෙනස් මූලද්‍රව්‍ය පරමාණු දෙකක පරමාණුක ක්‍රමාංක සමාන විය හැකිය. c) එකම මූල ද්‍රව්‍යයේ වෙනස් ස්කන්ධ ක්‍රමාංක සහිත පරමාණු තිබිය හැකිය. d) සැම පරමාණුවකම න්‍යෂ්ටියේ අඩංගු නියුට්‍රෝන ගණන හා ප්‍රෝටෝන ගණන සමාන වේ. Your score isThe average score is 32% 0% Restart quiz O/L - Health & Physical Education (Sinhala Medium) MCQ Series 01 1 / 15 1) කෙටි දුර ධාවකයෙක් ආරම්භක වෙඩි හඬට වේගයෙන් ඉදිරියට ධාවනයෙහි යෙදෙයි. මෙම ක්‍රියාකාරකම සඳහා ප්‍රධාන වශයෙන් භාවිත වන පද්ධති වන්නේ. a) පේශි, අස්ථි හා ශ්වසන පද්ධති වේ. b) ස්නායු, පේශි හා රුධිර සංසරණ පද්ධති වේ. c) පේශි, අස්ථි හා රුධිර සංසරණ පද්ධති වේ. d) ස්නායු, පේශි හා අස්ථි පද්ධති වේ. 2 / 15 2) මීටර් 1500 ධාවන ඉසව්වට සහභාගී වන ක්‍රීඩකයෙකු භාවිත කළ යුතු ඇරඹුම් ක්‍රමය වන්නේ, a) කෙටි ඇරඹුම (Bullet start) b) මැදුම් ඇරඹුම (Medium start) c) දිගු ඇරඹුම(Elongated start) d) හිටි ඇරඹුම(Standing start) 3 / 15 3) කොවිඩ්-19 රෝගය හේතුවෙන් 2020 වසරේ දී පැවැත්වීමට නොහැකි වූ ඔලිම්පික් තරඟාවලිය පැවැත්වීමට නියමිත වූ රට සහ නගරය වන්නේ, a) ජපානයේ ටෝකියෝ ය. b) චීනයේ බීජිං ය c) ඕස්ට්‍රේලියාවේ සිඩ්නි ය. d) එංගලන්තයේ ලන්ඩන් ය. 4 / 15 4) ගමනක් යාමේදී මාලිමාව භාවිත කරන්නේ a) ගමන සදහා ගතවන කාලය ගණනය කිරීමට ය. b) ගමනෙහි යෙදීමේදී දිශාව සොයා ගැනීමට c) පරිසරයෙහි උෂ්ණත්වය සොයා ගැනීමට ය. d) හදිසි අවස්ථාවකදී ක්‍රියාකළ යුතු ආකාරය දැනගැනීමට ය. 5 / 15 5) පුහුණු ප්රථමාධාරකරුවකු ලෙස ක්‍රියාකරන ඔබට සාමන්‍ය ආකාරයට නිරායාසයෙන් ශ්වසනය සිදු නොවන රෝගියෙකු හමු වූ අවස්ථාවක පුථමයෙන්ම කළ යුත්තේ, a) කෙසේ හෝ ආසන්නතම රෝහල වෙත රෝගියා ගෙන යාම. b) හැකි ඉක්මනින් වෛද්‍යවරයකු කැඳවාගෙන ඒමය. c) අසල්වාසීන්ගේ සහාය ලබාගැනීම සඳහා ක්‍රියාත්මක වීම ය. d) නියමිත ආකාරයට කෘත්‍රිම ශ්වසනය ලබාදීම ය. 6 / 15 6) පහත සඳහන් කාර්යයන් අතුරෙන් නිවාසාන්තර ක්‍රීඩා උළෙලක් සංවිධානයේදී ප්‍රධාන සංවිධායක කමිටුවේ කාර්යයක් නොවන්නේ මින් කුමක්ද? a) ක්‍රීඩා තරඟ සැලසුම් කිරීම. b) ක්‍රීඩා තරඟ සැලසුම් ක්‍රියාත්මක කිරීම. c) ක්‍රීඩා තරඟවලට අදාළ සියලුම ලිපි ලේඛන සැකසීම. d) ක්‍රීඩා උළෙලට අදාළ සියලු කාර්යයන් මෙහෙයවීම. 7 / 15 7) අඩු බර දරු උපතක් ලෙස හඳුන්වන්නේ, උපතේදී දරුවාගේ බර a) 1.5 kg හෝ ඊට වඩා අඩු වූ විට ය. b) 2.0 kg හෝ ඊට වඩා අඩු වූ විටය. c) 2.5kg හෝ ඊට වඩා අඩු වූ විට ය. d) 3.0 kg හෝ ඊට වඩා අඩු වූ විටය. 8 / 15 8) ඩෙංගු රෝගය ව්‍යාප්තවීම වැළැක්වීම සඳහා කළ යුතු වැදගත්ම ක්‍රියාමාර්ගය, a) මදුරුවන් බෝවන ස්ථාන විනාශ කිරීම ය. b) මදුරු දැල් සහ මදුරු විකර්ෂක (Mosquito repellents) ආලේපන භාවිතා කිරීම ය. c) ගෙවත්ත සහ පරිසරය දූමායනය කිරීම ය. d) සිරුර ආවරණය වන සේ ඇඳුම් ඇඳීම ය. 9 / 15 9) ඔලිම්පික් ක්‍රීඩාව හා සබැඳි සත්‍ය ප්‍රකාශය කුමක් ද? a) ආරම්භයේදී ඔලිම්පික් තරඟ සඳහා කාන්තා නියෝජනය තහනම් විය. b) මුල්මවරට ඔලිම්පික් ක්‍රීඩාව ආරම්භ කරන ලද්දේ ප්‍රංශ ජාතික පියරේ ද කුබොටින් (Pierre de Coubertin) විසිනි. c) ක්‍රි.පූ. 776 දී නූතන ඔලිම්පික් ක්‍රීඩාව ආරම්භ කරන ලදී. d) නූතනයේ ඔලිම්පික් තරඟ ජයග්‍රාහකයන්ට ත්‍යාග ලෙස ඔලිව් අත්තක් පිරිනමනු ලබයි. 10 / 15 10) ක්‍රිකට් ක්‍රීඩාවේ වේග පන්දු යවන්නෙකු (fast bowler) උරහිස් සන්ධියෙන් (shoulder joint) තම අත සම්පූර්ණයෙන් කරකවා, පිතිකරු (batsman) වෙත පහරදීම සඳහා පන්දුව යැවීමේදී එම පන්දු යවන්නාගේ අත ගෝල කුහර සන්ධියේදී (ball & socket joint) චලනය වන කෝණය අංශක a) 45 b) 90 c) 180 d) 360 11 / 15 11) කායික, මානසික, සමාජීය හා ආධ්‍යාත්මක යහපැවැත්මකින් යුත් ශිෂ්‍ය ශිෂ්‍යාවන් හැඳින්විය හැක්කේ. a) සෞඛ්‍ය ප්‍රවර්ධනයට (health promotion) දායකවන දරුවන් ලෙස ය. b) පුර්ණ පෞරුෂයකින් (total personality) යුතු දරුවන් ලෙස ය. c) යහගුණයෙන් (good qualities) යුතු දරුවන් ලෙස ය. d) පුර්ණ සෞඛ්‍යකින් (total health) යුතු දරුවන් ලෙස ය. 12 / 15 12) මිනිස් සිරුරෙහි සෘජු බව පවත්වා ගැනීම සඳහා වඩාත්ම වැදගත් වන පද්ධතිය වන්නේ, a) පේශි පද්ධතියයි. (Muscular system) b) ස්නායු පද්ධතියයි (nervous system). c) රුධිර සංසරණ පද්ධතියයි (blood circulatory system). d) අස්ථි පද්ධතියයි (skeletal system). 13 / 15 13) මනෝ සමාජීය (psycho-social) යහ පැවැත්මකින් යුතු පුද්ගලයෙකු තුළ දක්නට නොලැඛෙන ලක්ෂණයක් වන්නේ, a) සමාජයට යහපත් ලෙස දායකත්වය සැපයීම ය. b) මානසික ආතතියට (mental stress) මුහුණදීම අපහසුවීම ය. c) චිත්ත වේග කළමනාකරණය කරගැනීමේ හැකියාව තිබීම ය. d) සාර්ථක ලෙස ගැටලු විසඳීමට හැකියාව තිබීම ය. 14 / 15 14) ආහාරවල රසවත් බව හා ගුණාත්මක බව වැඩිදියුණු කිරීම සඳහා භාවිත කළ හැකි දේශීය රසකාරක වර්ග වන්නේ a) ඉඟුරු, කුරුඳු,සුප්කැට, රම්පේ සහ සෝයා සෝස් ය. b) සුදු ලුණු, කහ, සුප් කැට, කරපිංචා සහ රම්පේ ය. c) කරපිංවා, කුරුඳු,රම්පේ, ඉඟුරු සහ සුදු ලූණු ය. d) සුදු ලූණු, ඉඟුරු, කරපිංවා සහ සෝයා සෝස් ය. 15 / 15 15) පාපන්දු වැනි දැරිමේ හැකියාව (Endurance) වැඩි වශයෙන් අවශ්‍ය ක්‍රීඩා සඳහා සහභාගි වන ක්‍රීඩකයන්, අනෙක් ක්‍රීඩකයන්ට සාපේට වැඩිපුර ගත යුතු පෝෂක සංඝටකය වන්නේ, a) මේදය ය. b) ප්‍රෝටීන් ය. c) කාබෝහයිඩ්රේට් ය. d) විටමින් හා ඛනිජ ලවන ය. Your score isThe average score is 21% 0% Restart quiz Note: MCQs for other subject will be updated soon… Spread the love Leave a Reply Cancel replyCommentEnter your name or username to comment Enter your email address to comment Enter your website URL (optional) Save my name, email, and website in this browser for the next time I comment.